අවුරුදු ගානක් Android ෆෝන්ස් වල ඩිස්ප්ලේ එන්න එන්න ලොකු වෙද්දී Apple iPhone දිගටම පොඩි ඩිස්ප්ලේ තියාගෙන හිටියා, නමුත් මේ අවුරුද්දේ යාන්තං Apple සමාගමේ කට්ටියට තේරිලා තියෙනවා usersලාට අවශ්‍ය දේ. ඉතින් අලුතින් iPhone එකක් නෙමෙයි දෙකක් Apple සමාගම විසින් launch කළා ඒ තමා iPhone 6 සහ iPhone 6 plus කියන ෆෝන්ස් දෙක. දැන් මේ ෆෝන්ස් දෙකම නිල වශයෙන් Apple සමාගම එක්ක එකතු වෙලා ලංකාවේ launch කරන්නේ Dialog වෙතිනුයි.
ලොකු ස්ක්‍රීන් එකක් ඕන අයට අඟල් 4.7 iPhone 6 එක සහ phablet ටයිප් ෆෝන් එකක් ඕන කට්ටියට අඟල් 5.5 iPhone 6 plus දෙකම දැන් නිල Apple warranty සහිතව Dialog එකෙන් ලබාගන්න පුළුවන්. මෙච්චර ගානක් වියදම් කරලා ෆෝන් එකක් ගන්නකොට official warranty එක තියෙන එක නුවණට හුරුයි.
iPhone 6 සහ iPhone 6 plus අතර වෙනස මොකද්ද
iPhone 6 එක සහ 6 plus එක අතර, සයිස් එක ඇරෙන්න වැඩි වෙනසක් නැහැ, නමුත් තියෙන වෙනස්කම් කිහිපය ඉතා වැදගත්. මෙහි ප්‍රධාන වෙනස්කම් පහත වගුවෙන් දැක්වෙනවා.
chart
අලුත් iPhone දෙකම iPhone 5s  එකට වඩා සිහින්. 5s එක මිලිමීටර් 7.6 ඝනකම වුණු අතර iPhone 6 එක මිමි 6.9 සහ iPhone 6 plus එක මිමි 7.1යි. ඩිස්ප්ලේ එක විශාල වෙන්න වෙන්න ෆෝන් එකේ ඝනකම අඩු වෙන එක හොඳයි එතකොට ඒක හසුරවන්න ලේසියි. iPhone users ලාට මේ අලුත් iPhone  දෙකෙන් ඕන එකක් පාවිච්චි කරනකොට අතේ සයිස් එකට හුරුවෙන්න සතියක් විතර යාවි නමුත් android එකකින් මාරු වෙනවානම් එච්චර වෙනසක් වෙන්නේ නැහැ (සයිස් එක අතින්). iPhone 6 එකේ සයිස් එක ලොකුයි කියල හිතුවොත් එහෙනම් iPhone 6 plus එක යෝධයි. පොඩි අතක් තියෙන කෙනෙකුටනම් 6 plus එක handle කරන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. නමුත් Galaxy Note එකක් වගේ එකක් පාවිච්චි කරලා තියෙන කෙනෙකුට මේක පරණ යාලුවෙක් වගේ.
Processor
අලුත් iPhone 6 සහ 6 plus දෙකම දුවන්නේ අලුත්ම A8 ප්‍රොසෙසර් එකෙන් සහ iOS 8 operating system එකෙන්. මේ දෙකේ එකතුවත් සමග අලුත් iPhone දෙකේ වැඩ කරන්න හරිම ලෙහෙසියි. හැම app එකක්ම විදුලි වේගයෙන් open වෙනවා කොහෙවත් lag එකක් නැත්තටම නැති තරම්. අලුත් A8 ප්‍රොසෙසර් එක පරණ iPhone එකේ A7 ප්‍රොසෙසර් එකට වඩා 25% CPU වේගය වැඩි අතර GPU output එක 50% කින් වැඩියි.
featured-image
Display
 ඩිස්ප්ලේ අතින් iPhone දෙක අතර ලොකු වෙනස්කම් තියෙනවා. අඟල් 4.7 iPhone 6 එකේ රෙසලුශ්න් එක තවම Full HD නැහැ බොහෝ Android flagship ෆෝන් දැන් Quad HD ඩිස්ප්ලේ එලි දක්වන කාලෙකදී iPhone 6 එකේ රෙසලුශ්න් එක පික්සල් 750X1334 ඒ කියන්නේ අඟලකට පික්සල් 326ක්. අඟල් 5.5 iPhone 6 plus එකට නම් Full HD පික්සල් 1920 X 1080 ඩිස්ප්ලේ එකක් දීලා තියෙනවා අඟලකට පික්සල් 401ක් සහිතව. ෆෝන් දෙක එක ළඟ තිබ්බොත් නම් ඩිස්ප්ලේ දෙක අතර වෙනස කියන්න පුළුවන් එහෙම කලේ නැත්නම් ඇත්තටම රෙසලුශ්න් අඩුවක් දැනෙන්නේ නැහැ. HTC One X සහ One M7 එකේ පාවිච්චි කරපු dual-domain pixels කියන technology එක මේ ඩිස්ප්ලේ එකේ භාවිතා කරලා තියෙනවා. එමගින් black levels තවත් ඝනකම වන අතර text තවත් sharp වෙලා පේනවා. iPhone 6 එකේ ඩිස්ප්ලේ එක හැම Apple ඩිවයිස් එකක වගේම colour reproduction ගොඩක් හොඳයි වෙන විදිහකට කීවොත් හරි පාට හරියට පෙන්වනවා.
Camera
Apple සමාගමෙන් එළිදක්වන හැම අලුත් iPhone එකකම ඒගොල්ලෝ වැඩියෙන්ම අවධානයක් දෙන්නේ ඒකේ කැමරාවට. මේ පාරත් එහෙම කරලා තියෙනවා. අනිත් හැම නිෂ්පාදකයෙක්ම (HTC හැර) මෙගාපික්සල් පස්සේ පන්නද්දී Apple එකෙන් බලන්නේ සම්පුර්ණ පින්තූර ගැනීමේ අත්දැකීම ගැනයි. මෙගාපික්සල් ප්‍රමාණය මෙහි එක කොටසක් පමණයි. කැමරා app UX එක, image processor එක, අඩු එළියේ පින්තූර ගැනීමේ හැකියාව, වේගයෙන් focus කිරීම වැනි දේ ගැන අවධානය යොමු කිරීම නිසා iPhone එකකින් පින්තුර ගන්න හරි ලේසියි.
iPhone 6 එකෙන් හොඳ පින්තුර ගන්න හරි ලේසියි. මෙගාපික්සල් 8ක් සෙන්සර් එකක් තියෙන iSight කැමරා එකක් තමයි iPhone 6 එකේ තියෙන්නේ (iPhone 5s එකේ වගේම) නමුත් මේ අවුරුද්දේ එකට Phase Detection Autofocus තාක්ෂණය භාවිතා කරලා තියෙනවා. Apple සමාගමෙන් හැම තාක්ෂනයටම ඒගොල්ලන්ගේ නමක් දාන නිසා (කවුරු හැදුවත්) මේකටත් ඒගොල්ලෝ ෆොක්ස් පික්සල් (focus pixel) කියන නම දාලා තියෙනවා (Galaxy S 5 එකේ තියෙන්නෙත් මේකමයි). ෆෝකස් පික්සල් මගින් වඩා වේගයෙන් ඔටෝ ෆෝකස් කරන්න පුළුවන්. එමනිසා ඉතා ඉක්මනට පින්තුර ගන්න පුළුවන්. iPhone 6 plus එකේ කැමරාවට වැදගත් ෆීච්ර් එකක් තියෙනවා ඒ තමයි optical image stabilization. මේ මගින් පින්තූරයක් ගන්නකොට අත යන්තම් හරි සෙලවුනොත් පින්තුරය blur වෙන එක වලක්වනවා.
අලුත් iPhone දෙකේම වීඩියෝ රෙකෝඩින් අතින් Full HD (1080p) 60fps සහ HD (720p) 240fps (slow motion) රෙකෝඩ් කරන්න පුළුවන්. සෙල්ෆි කැමරා එක 1.2මෙගාපික්සල් එකක්.
6pluscamera
Battery Life
බැට්රි ලයිෆ් අතින් අලුත් iPhone දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. iPhone 6 එකේ තියෙන්නේ 1860 mAh බැටරි එකක් 6 plus එකේ බැට්රි එක 2915 mAh ඒ කියන්නේ iPhone 6 එක වගේ 1.5Xකටත් වැඩිය capacity එකක් තියෙන බැට්රි එකක්. නමුත් 6 plus එක අඟල් 5.5ක් විශාල Full HD ඩිස්ප්ලේ එකක් පණ ගන්වන්න ඕනෑ. ඒත් අපට ටෙස්ට් වලදී පැහැදිලි වුනේ 6 plus එක ලෙහෙසියෙන් කාර්යබහුල දිග දවසක් කිසිම කරදරයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. iPhone 6 එකත් දවසක් දුවන්න පුළුවන් නමුත් හවස් වෙද්දී ටිකක් පරිස්සම්වෙන්න වේවි power manage කරගන්න.
Software Features
iPhone 6 එක software අතින් වැදගත් ෆීචර්ස් කිහිපයක් තියෙනවා. landscape mode එකේදී keyboard එකේ දෙපැත්තේ copy, paste, undo වැනි keys සහ ඊතල හා කොමා වැනි keys තියෙනවා. ඉතින් එකම ස්ක්‍රීන් එකේ ගොඩක් දේ කල හැකියි. මේ අටියෙන්ම 6 plus එකේ one handed mode එකක් තියෙනවා. Touch ID බට්න් එක දෙවරක් තට්ටු කලාම app එක ස්ක්‍රීන් එකේ පහත කොටසට එනවා. ඇඟිලි කොට කෙනෙකුට මේක useful.
ඉතින් හැම වසරේම වගේ අලුත් iPhone 6 එක ඩිසයින් සහ performance අතින් ලොව හොඳම ෆෝන් එකක්. මේ අවුරුද්දේ Apple fans ලාට තෝරාගන්න high end specs තියෙන ෆෝන්ස් දෙකක්ම තියෙනවා. සුපිරි වේගවත් Dialog 4G කනෙක්ෂන් එකක් පාවිච්චි කරලා iPhone 6 එකේ සහ iPhone 6 plus එකේ උපරිම අත්දැකීම ලබාගන්න පුළුවන්. නිල වගකීමත් සමග Dialog වෙතින් 16GB iPhone 6 එක රුපියල් 118,000 සහ 16GB iPhone 6 plus එක රුපියල් 133,000 කට ලබාගත හැකියි.